ලග්න පලාපල  - ජන: 23 - ජන: 29 දක්වා

මේෂ

මේෂ ලග්නය - ශභ සතියක්

ලැබීම්වලට යහපත් වන මේ සතිය ඔබට මිශ්‍රඵල උදා කරයි. ආදායම් මාර්ගවල පැවති අවහිරතා නැතිවී යයි. ශ=භදායක තත්ත්වයක් ඇති කරයි. වාහන ඉඩම් මිලදී ගැනීමක් බලාපොරොත්තුවෙන් සිටින අයට ඒ සඳහා අවස්ථාව උදා කරයි. රැකියා ව්‍යාපාර ආදියට ද යහපත් සතිය බව පෙනෙයි.
කාලයක් බලාපොරොත්තු තබා ගෙන සිටි වැඩ පිළිවෙලක් සාර්ථක වීමට හේතු වෙයි. ඒ වගේම වගකීම් ඉටුකර ඒ සඳහා තනතුරු ලාභ ඇති වීමට ද ඉඩ ඇති කරයි. එහෙත් කොයි දේටත් හදිසි වී වැඩ කටයුතු කිරීමට නොයා යුතුයි. පවුලේ සාමය සමාදානය ඇති වෙයි. වරින් වර යම් යම් ප්‍රශ්න හා ගැටළු පැන නැගුනත් ඒවා එතරම්ම දුර නොයයි.
එහෙත් යම් යම් රෝග පීඩා හා ස්නායු රෝග සම්බන්ධව හෝ අමනුෂ්‍ය දෝෂ ඇති වීමට ද ඉඩ ඇති කරයි. ඒ සම්බන්ධව පරීක‍ෂාවෙන් හෝ කල්පනාවෙන් සංසුන්ව සොයා බලා ශාන්ති කර්මවල යෙදෙන්න. අර්ශස් රෝග, බඩේ ගෑස්, ඇස් රෝග ඇති කරයි.

ජය අංක :- 4, 5, 7
ජය වර්ණ :- රතු, නිල්
ශ=භ දිනය :- අඟහරුවාදා, සිකුරාදා

සිතේ තෙතමනයක් නැති මිනිසාට කළ හැකි අපරාධයක් නැත. ඉපදෙන කොටම එමඟින් ඇතිව ඉපදෙයි. පවට පිංදිය නොහැකිය.

 

වෘෂභ

වෘෂභ ලග්නය - මංගල යෝජනා අසාර්ථක කරයි.

රැකියා රක‍ෂාවලට කරදර හා වැඩ තහනමට ලක් වී සිටියේ නම් මේ සතිය ඔබට යහපත් ප්‍රතිචාරයක් ලැඛෙනු ඇත. ව්‍යාපාර කටයුතුවල ද යම් ප්‍රගතියක් ඇති කරනු ලබයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ද ඉතා යහපත් තත්ත්වයක් උදා කරයි. පියාගේ මව්ගේ අනු දැනුම ඇතිව තමාට හිමි කොටස ලබා ගැනීමට හෝ ලැබීම්වලට හිමිකම ඇති කරයි. එහෙත් හවුලේ කරන කටයුතුවලින් පාඩු සිදුවන අතර අඹු-සැමියන් අතර පවතින විශ්වාසය පලූදුවීමට ද ඉඩ ඇති කරයි.
අවිවාහකව සිටින අයට මංගල යෝජනා ඉදිරිපත් වුවත් ඒවා අසාර්ථක කරයි. නැත්නම් කල් යයි. බලාපොරොත්තු තබා ගෙන සිටීම අසීරු වෙයි. පියාට හොඳින් සැලකීමට වගේම මව්ට ද හොඳින් සැලකීමට ඉදිරිපත් වෙයි. දියුණුවට හිත තදින් ආදී ගෙන යන මේ කාලය උනන්දුව නිසා ජයග්‍රහණ කීපයක් අත් කර ගැනීමට ඔබට හැකියාව ලැබේ.
දූ දරුවන් නිසා යම් යම් කරදරවලට හා ප්‍රශ්නවලට මැදිවීමටද ඉඩ ඇති කරයි. මුත්‍රා හිරවීම, අඩස්සිය, වාත වේදනා, තුන්දොස් කෝප වීම ඇති කරයි.

ජය අංක :- 3, 5, 8
ජය වර්ණ :- රතු, කහ
ශ=භ දිනය :- බදාදා, සිකුරාදා

හැංගි හැංගී හොර වැඩ කළත් එලිවූ දාට ගමේ රටේ ලෝකේ සිටින්නට තැනක් නැත. පාපය හොය හොයා කළ දේ පල දේ. රහසින්වත් පව් නොකළ යුතුයි.

 

මිථුන

මිථුන ලග්නය - හදිසි ලෙඩ රෝග

රැකී රක‍ෂාවල අවදානමක් ඇතිවිය හැකියි. බලාපොරොත්තු රහිතව සිය හාම්පුතා අතර මතභේද මත ගැටුම් ඇති වීමෙන් රැකියාවලින් ඉවත්වීමට මඟ පෑදෙනු ඇත. පියාට ද මේ සතිය තරමක් අපල ඇති කරයි. සමහර විට හදිසි තීරණ කීපයක් ගැනීමට ද ඉඩ ඇති කරයි. එය ඔබට ආරක්ෂාවට තර්ජනයක් වන නිසා එම තීරණයට කැමති බව පෙනෙයි.
පියාට තරමක් අපල උපද්‍රව ඇති විය හැකි මේ සතිය ගම්වල කෘෂිකාර්මික කටයුතු පොළොවෙන් ගන්නා ආදායම් තත්ත්වය ඉහළ යයි. හදිසි අනතුරු වගේම හදිසි විපත් කරදර ද ඇතිවිය හැකියි. උත්සාහය තරමට ප්‍රතිඵල හීන කරයි. එහෙත් සතියේ වාසනාවන්ත තත්ත්වයක් ද පෙන්නුම් කරයි. ශනි මහ දශා ශනි අතුරු දශා ගෙවන අයට එතරම්ම ශ=භ කාලයක් නොවෙයි.
අර්ශස් රෝග, ලේ පිටවීම, යටි බඩේ කැක්කුම්, වාත රෝග ආදිය ඇති කරයි. එම නිසා අපලවලට බෝධි පූජා තබන්න.
ජය අංක :- 2, 4, 8
ජය වර්ණ :- කොළ, නිල්
ශ=භ දිනය :- බදාදා, සිකුරාදා

අනුන් කරන දේවල් කරන්න ගිය කළ අප අමාරුවේ වැටෙයි. ඉවසීමෙන් බලා සිට බුද්ධිමත් තීරණ ගෙන වැඩ කරන්න. එවිට එකට එක කිරීම නවතී.

 

කටක

කටක ලග්නය - සහෝදර කරදර

මේ සතිය ඔබට අශ=භඵල ඇති විය හැකි සතියක් බැවින් ඒ පිළිබඳව කල්පනාකාරීව සිටිය යුතුයි. රෝහල් ගතවීම ප්‍රතිකාර ලබා ගැනීම ආදිය ඇතිවිය හැකියි. හවුල් කටයුතුවල යම් යම් ප්‍රගතියක් පෙන්නුම් කළත් හවුල් කටයුතුවලට එතරම්ම ශ=භ නැත. කඩා කප්පල් වීම් ඇති කරයි. ජලයෙන් කරදර විපත් ඇති විය හැකියි. මුහුදේ, ගංගා, ඇල දොලවල්වල නෑම ඉතා අගුණයි.
සති අන්තය වන විට එය තරමක් ලිහිල් වී යයි. දරුවකුගේ දුක් කරදරයක් ගැන අසන්නට ලැබේ. නැත්නම් ඒ පිළිබඳව තමාට දුක් වීමට ද ඉඩ ඇති කරයි. කෙසේ වෙතත් අධ්‍යාපනය ලබන උදවියට ද යහපත ශාන්තිය උදා කරයි.
පවුලේ සහෝදර පක‍ෂයේ උදවියට ද යම් යම් කරදර පිට කරදර ඇති කරයි. එහෙත් ඒවා තමන්ට ද එම කොටසකින් දුක් විදීමට ද අවස්ථාවන් උදා විය හැකියි. අඹු-සැමියන් අතර පැවති සුහදතාවය ද බිඳ වැටීමට හේතු ඇති කරයි. සණ්ඩු ඇති වෙයි. ඉවසීම නැති වෙයි. විවාහ මංගල අවස්ථා ලංවී සිටියේ නම් ඒවා කල් දමයි. මුත්‍රාවල විෂබීජ ඇතිවීම, පපුවේ වාත වේදනා, සෙම් රෝග ඇති කරයි.

ජය අංක :- 1, 3, 4
ජය වර්ණ :- සුදු, රතු
ශ=භ දිනය :- සඳුදා, සිකුරාදා

දෝෂ භංග වෙනවා කියන්නේ අප ලඟ තිඛෙන වැරදි ක්‍රියා නැති කර දැමීමයි. දෝෂ යනුවෙන් වැරදි ක්‍රියාවන්ය. වැරදි ක්‍රියා අත්හල යුතුයි.

 

සිංහ

සිංහ ලග්නය - ස්ථාන කරදර

පවුලේ ප්‍රශ්නයක් දුර දිග යාමට ඉඩ ඇති කරයි. එම නිසා කල්පනාකාරීව සිටිය යුතුයි. ප්‍රශ්නවලට මැදිහත් වී කටයුතු කළත් තමන් ගැන සිතා ප්‍රවේශම් වීම යහපතට හේතු වෙයි. සිතේ යම් බියක් සැකයක් නිතර නිතර ඇති කරයි. විදේශ ගමන් යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට ඒ සඳහා සාර්ථකභාවයක් හා යාමට හැකියාව ලැඛෙයි. ඒ වගේම විදේශගතව සිටින ඔබට ද තම ගම් බිම් බලා ඒමට ද මේ කාලය යහපත් බව පෙනෙයි.
ස්ථානගත ප්‍රශ්න හා දෝෂ හිටි හැටියේ මතු වෙයි. එයින් මානසික අසහනකාරී බවක් ඇති කරයි. විශේෂයෙන් මලගිය අයගේ ඇල්ම බැල්ම පිට අඩුවීම නිසා ඒ අයගෙන් මේ කාලයට කරදර හා අසහනකාරී බවක් ඇති කරයි.
හවුලේ කරන කටයුතුවල යම් යම් ප්‍රතිඵල යහපත් වුවත් හවුලේ කටයුතු කිරීම දැඩි දුෂ්කරතා මතු කරයි. විවාහය සිදුවීමට කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ අයට ඒ සඳහා මේ කාලය යොදා ගැනීම සඳහා යහපත් බව පෙනෙයි. මුත්‍රා රෝග, ලිංග ආශ්‍රිත රෝග, ඇස් රෝග පෙන්වයි.

ජය අංක :- 6, 7, 9
ජය වර්ණ :- රතු, කහ
ශ=භ දිනය :- ඉරිදා, සඳුදා

බාලයන්ගේ කතා බහට ඇසුරට වැටුනොත් ඔබත් බාලයෙක් වීමට ඉඩ ඇත. බාලයා යනු මෝඩයකි. මෝඩයා ඕනෑම පාප ක්‍රියාවක් කරයි.

 

කන්‍යා

කන්‍යා ලග්නය - සහෝදර පක‍ෂයේ කරදර

අධ්‍යාපන ලබන සිසු දරුවන් මනස වැඩෙන නුවණ දියුණුව ලබා දෙන ග්‍රහ බලයක් ඇති කරයි. විවාහ මංගල්‍ය කටයුතුවලට බාධා ඇති කරන මෙම කාලය ඔබට ඒරාශ්ඨකය අවසන් වුවත් රාහු-කේතුගේ බලපෑම අතින් අයහපත උදාවිය හැකියි. එම නිසා ඒ සඳහා ආගමික වැඩවලට සහභාගි වීම ඒවා කිරීම කරවීම ඉතා යහපත් බව පෙනේ. විශේෂ ආදායම් තත්ත්වය සාමාන්‍ය විදියට ගෙන යාමට හැකියා ලැඛෙනු ඇත.
පවුලේ සහෝදර පක‍ෂයේ අයගෙන් එතරම් සුහදතාවයක් ඇති කර ගැනීමට නොහැකි වෙයි. ඒ අයගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට ඔබට ඉදිරිපත් වීමට සිදු වෙයි. මනස අවුල් සහගත තත්ත්වයක් ඇති වීම නිසා කිසිවක් එක ලෙස කර ගෙන යාමට නොහැකි වෙයි.
පවුලේ ප්‍රශ්න ඇති වුවත් ඒවා තාවකාලිකව වෙයි. නව ප්‍රේම සම්බන්ධතා ඇත්නම් ඒවා ද කඩා වැටීම් ඇති කරයි. අර්ශස් රෝග, ලේවල දෝෂ, බඩේ අජිර්ණ රෝග, පෙනහලූ රෝග පෙන්වයි.

ජය අංක :- 5, 6, 8
ජය වර්ණ :- කහ, කොළ
ශ=භ දිනය :- බදාදා, සිකුරාදා

සත්‍ය වචනය පාවිච්චිය හිත සුව ගෙන දෙයි. බොරු කීම, සිත කිලූටු වෙයි. බොරු වැල් ගොතා මිනිසුන් රවටයි. වචනය යහපත් විය යුතුයි.

 

තුලා

තුලා ලග්නය - පවුලේ අර්බුද

තරඟකාරී බවක් ඇති කරලීමට ඉඩ ඇති වුවත් තමාට එයින් යම් වාසියක් ඇති වෙන ලකුණු පෙන්වයි. ව්‍යාපාර කටයුතුවල කැපී පෙනෙන දියුණුවක් හා ප්‍රගතියක් ඇති කරයි. රැකියා ලාභ හා රැකියා උසස්වීම් බලාපොරොත්තු තබා සිටින අයට මේ සතිය ශ=භදායක බව පෙනෙයි. එහෙත් මුදල් වැයවීම් හා හදිසි කටයුතු සඳහා මුදල් හිඟවීම් ඇති කරයි. මුදල් ලඟ තබා ගැනීම දුෂ්කර වෙයි. කෙසේ හෝ වියදම් වී යයි.
පවුලේ අයගෙන් එතරම්ම සහයෝගයක් ඇති නොවෙයි. තමාගේම උත්සාහයෙන් හා ශ්‍රමයෙන් කරන කටයුතුවලින් අන් අය සඳහා ද ඇප උපකාර කිරීමට ද අවස්ථාව උදා කරයි. ඒ ඔබ දීමට ඇති කැමැත්ත නිසයි. එසේ දුන් අයගෙන් හොඳක් ඇසීමට නොහැකිවීම ඔබේ කරුමයකි.
විදේශ ගතවීමට දරණ උත්සාහය සාර්ථක වීමට ඉඩ ඇති කරයි. හිසේ අමාරු පැත්තක අමාරු, ලේවල තෙල් ගතිය වැඩිවීම ආදිය සිදු වෙයි.

ජය අංක :- 4, 5, 7
ජය වර්ණ :- රතු, නිල්
ශ=භ දිනය :- බදාදා, සිකුරාදා

වයසට ගිය පසු ලැඛෙන ඉබේ සීලය ගැනීමට අවශ්‍ය නැත. තරුණ කාලයේ සිල් රැක උතුම් ජීවිතයක් ගෙන යාමට අදිටන් කර ගත යුතුයි.

 

වෘශ්චික

වෘශ්චික ලග්නය - නොගැලපෙන සම්බන්ධකම්

සිතේ කලක් බලාපොරොත්තුවෙන් සිටිය අදහසක් ඉටු වෙන ලකුණු ඇති වෙයි. මංගල යෝජනා ඉදිරිපත් වෙයි. එසේ නැත්නම් මංගල උත්සවවලට යාමට අවස්ථාව උදා කරයි. ආරාධනා ඇරයුම් ලැඛෙයි. මව්ගේ සුවදුක් සොයා බැලීමට හෝ ඇය වෙනුවෙන් යමක් කිරීමට දරණ උත්සාහය සාර්ථක බවක් ඇති කරයි.
පපුවේ අමාරුවක් සඳහා හදිසි ප්‍රතිකාරයක් ලබා ගැනීමට හෝ මව් වෙනුවෙන් ඇයෙග් රෝගී අවස්ථාවන්වලට අවශ්‍ය ස්ථානවලට යාමට සිදුවිය හැකියි. පවුලේ ස්ත්‍රී පක‍ෂයෙන් තමාට චෝදනා ආදිය ලැඛෙයි. ඒවාට මුහුණ දීමට සිදු වෙයි. කෙසේ වෙතත් මේ සතිය වන්දනා ගමන් හා ආගමික කටයුතු සඳහා කාලයත් ධනයත් වැය වීමට හෝ කැපවී ක්‍රියා කිරීමට සිදු වනු ඇත.
අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන්ට ද මේ සතිය භාග්‍යවන්ත සතියක් වන බව පෙනේ. අයථා සම්බන්ධතා ඇති වීමට ඒවාට මැදිහත් වීමට ඉඩ ඇති කරයි. සිත පාලනය කර ගත යුතුයි. සෙම් කෝප ගති, පපුවේ වේදනා, කැක්කුම්, හිසේ අමාරු ආදිය පෙන්වයි.

ජය අංක :- 3, 6, 8
ජය වර්ණ :- රතු, තැඹිලි
ශ=භ දිනය :- අඟහරුවාදා, සිකුරාදා

සිතට එන පණිවුඩ අශ=භ හෝ ශ=භ හෝ හැම එකක්ම වෙන් වෙන්ව සිතා බලා තෝරා බේරාගෙන කටයුතු කිරීමෙන් සිත ජය ගත හැකියි.

 

ධනු

ධනු ලග්නය - හදිසි අනතුරු

සහෝදර සහෝදරියන්ගේ ප්‍රශ්නයක් විසඳා ගැනීමට හෝ ඒ අය වෙනුවෙන් යම් ක්‍රියා මාර්ගයක් ගැනිමට සිදු වෙයි. අධ්‍යාපන හදාරණ අයට ඉතාමත් යහපත් ග්‍රහ බලයක් ඇති කරයි. වැඩි දියුණුව ඇති කරයි. රැකී රක‍ෂා ආදිය කරගෙන යාමට බාධා ඇති කරයි. උසස් ප්‍රභූ පක‍ෂයේ අවහිර හා බලපෑම් නිසා රැකියා එපා වීම කලකිරීම ඇති කරයි.
ඒරාශ්ඨකයක් පටන් ගෙන ඇති මේ කාලය ඔබට තරමක් කල්පනාකාරීව හා වගකීමක් ඇතිව ක්‍රියා කිරීමට සිදු වෙයි. විශේෂයෙන් තීරණ ගැනීමේ දී අන් අයගේ සිත් නොරිනෙ ආකාරයට කටයුතු කළ යුතුයි. නැත්නම් කටයුතු අඩපණ වෙයි.
තැන්පත් ධනයට හානි ඇති කරයි. ඒ නිසා ධනය ලබා ගැනීමට ණය තුරුස් වීමට පවා සිදු විය හැකියි. උත්සාහය තරමට ප්‍ර්‍රතිඵල හීන කරයි. දුර ගමන් බිමන් යාමට ද සැලසුම් සකස් කරයි. උගුරේ අමාරු, ඇස් රෝග, අර්ශස් රෝග ඇති කරයි.

ජය අංක :- 2, 3, 5
ජය වර්ණ :- කහ, තැඹිලි
ශ=භ දිනය :- බ්‍රහස්පතින්දා, සඳුදා

දන්නා වගේම නොදන්නා දේත් අප ලඟ තිබේ. දන්නා දේවල් දැන ගෙන නොදන්නා දේවල් ඉගෙන කටයුතු කළ යුතුයි.

 

මකර

මකර ලග්නය - අධ්‍යාපන කටයුතුවලට යහපත්

සම්මුඛ පරීක‍ෂා ආදියට යාමට හෝ ඒවාට පෙනී සිටීමට අවස්ථාව උදා කරයි. හදිසි ධන ලාභවලට හේතු ඇති කරයි. කාටත් යටත් පහත් වී වැඩ කිරීමට අකැමති වීම නිසාම කලහකාරී තත්ත්වයන් ඇති වෙයි. ඉවසීම ද අඩු වී යයි. හදිසි විපත් කරදර හා අනතුරු ද ඇති වීමට ඉඩ ඇති කරයි. බලාපොරොත්තු රැසක් හිසේ තබා ගෙන සිටියත් ඒවා නිම කර ගැනීම දුෂ්කර වෙයි. පියාට වගේම මව්ට ද අපල ඇති කරයි.
ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින අයට ඒවා මැනවින් කරගෙන යාමට ශක්තිය බලය ලැඛෙයි. යහපත් මංගල යෝජනා ඉදිරිපත් වෙන අතර ඒවායින් තමන්ට ගැලපෙන අයකු තෝරා ගැනීමට හැකියාව හා වාසනාව ඇති කරයි.
ආදායම් තත්ත්වය සෙමින් සෙමින් ඇදී යන අතර ස්ථීර තත්ත්වයක් පවතී. අනියම් සම්බන්ධකම් දුර දිග යාමට ඉඩ ඇති කරයි. ප්‍රේම සම්බන්ධතා වඩාත් තහවුරු වෙයි. නම ප්‍රසිද්ධිය පත් වෙන අතර නොයෙක් කට කතා ඇති වීමට ද ඉඩ ඇති කරයි. රුධිර පීඩා, උගුරේ අමාරු, අර්ශස් රෝග ඇති කරයි.

ජය අංක :- 1, 2, 7
ජය වර්ණ :- නිල්, කොළ
ශ=භ දිනය :- සෙනසුරාදා, බදාදා

ප්‍රේම සම්බන්ධතා, අනියම් සම්බන්ධතා ඇති වුවත් විවාහ අයට අනියම් සම්බන්ධතා ඇති වීම බොහොම භයානකයි. කලක් යනවිට එලිවෙන කොට නින්දා අපහාසවලට ගොදුරු වී ගමෙන් රටෙන් පලා යයි.

 

කුම්භ

කුම්භ ලග්නය - නීති ප්‍රශ්න

කාලයක් පටන් බලාපොරොත්තු තබා සිටි වැඩ කටයුත්තක් නිම කර ගැනීමට හැකියාව ශක්තිය ලැබේ. කාගෙත් උදව් උපකාර වගේම ශ්‍රමයෙන් ඇප කැප වී ක්‍රියා කිරීමට සහයෝගය දීමට ඉදිරිපත් වෙන අය ද සිටියි.
මංගල යෝග ඇති කරන මේ කාලය තමන්ගේ සහකරු සහකාරිය හමුවීමට ද මේ සතිය ඉඩ ප්‍රස්ථා ඇති කරයි. නීතියෙන් ද~ුවම් ලැබීමට හෝ එවැනිම ප්‍රශ්නයක් ඇති වීම නිසා මානසික අර්බුදයකට සිත් යොමු වීම නිසාත් ස්ත්‍රී පක‍ෂයේ උදව් උපකාර වගේම පිරිමියෙක්ගේ ඇල්ම බැල්ම ස්ත්‍රී පක‍ෂයට ලැබේ.
ඒවගේම ආ ගිය තැන පහසුවෙන් තමන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට හැකියාව ලැබේ. රැකී රක‍ෂා ආදියට අවහිරතා මතු වෙන අතර අළුත් රැකියාවල් වලට යාමට අදහස් කරයි. එහෙත් කොතැනකට ගියත් ඒ ටිකම හැම තැනම කෙරෙහි පීනස් රෝග, කැස්ස, සෙම නරක් වීම, උගුරේ අමාරු ඇති කරයි.
ජය අංක :- 1, 6, 9
ජය වර්ණ :- කොළ නිල්
ශ=භ දිනය :- සිකුරාදා, සෙනසුරාදා

නීතිය අතට ගැනීමට යාමෙන් අප අමාරුවේ වැටෙයි. නීතිය පිහිට සොයා යාම පමණක් අපට කළ හැකියි. එම නිසා නීති ගරුක අයෙකු වීම ඉතා හොඳයි.

 

මීන

මීන ලග්නය - නොකළ වැරදිවලට චෝදනා

වියදම් අධික වී සාමය සමාදානය නැති වී කරදර හා ගැටුම්කාරී බවක් ඇති වී නීතියේ පිහිට ලබා ගැනීමට හේතු ඇති කරයි. වචනය පරිස්සම්ව පාවිච්චි කර ගත යුතුයි. නැත්නම් බොහෝ කරදර කම්කටොලූ ඇති කරයි. බාධක මැදින් ඉදිරියට යා හැකි නිසා ඉක්මන් තීරණවලට නොයා යුතුයි. පරීක‍ෂණ හෝ විභාග ආදියට පෙනී සිටින උදවියට මේ සතිය යහපත උදා කරයි.
නොකළ වැරදිවලට වන්දි ගෙවීමට සිදු වෙයි. එසේ නැත්නම් පොලිස් අත් අඩංගුවට හෝ උසාවියට යාමට සිදුවිය හැකියි. උසස් ප්‍රභූ පක‍ෂයේ උදව් උපකාර ලැඛෙන නිසා කරදරවලින් නිදහස් වීමට ඉඩ ඇති කරයි. ඇස් පරීක‍ෂාවක් හෝ ඇස් පෙනීමේ දුර්වලතා පෙන්වයි. සමහරවිට සැත්කම් ආදියට ද ඉඩ ඇති කරයි.
පියාට තරමක් අපල ඇති කරයි. මව්ට ද එසේම විය හැකියි. මව් රෝහල් ගතවීමට හෝ ලෙඩ රෝග උත්සන්න වීමක් ඇති කරයි. මිනිසුන් පිළිබඳව හොඳ විනිවිද දැක්මක් ඇති කරයි. විදේශ රට යාමට හදිසි බාධාවල් හෝ නීති ප්‍රශ්න ඇති කරයි. හදිසි අනතුරු, ලේවල දෝෂ, හිසේ කැක්කුම් ආදිය පෙන්වයි.

ජය අංක :- 5, 7, 9
ජය වර්ණ :- කහ, තැඹිලි
ශ=භ දිනය :- බ්‍රහස්පතින්දා, සඳුදා

ආදරය, ප්‍රේමය, හිතවත්කම, ආලය බැදීම, ලෙන්ගතුකම මේ හැම දෙයක්ම මිනිසුන් ඉන්නකල් කරන සිදුවීම පමණයි. මේ හැම දෙයක්ම තාවකාලික දේවල් බව මතක තබා ගත යුතුයි.

 

Stampa Stampa | Mappa del sito Consiglia questa pagina Consiglia questa pagina
PIVA:09178130960 © SrilankaWeb

Chiama

E-mail

Come arrivare